HUB ආකෘතිය
සන්නිවේදනය යන්න හඳුනා ගැනීම සඳහා විවිධ ආකෘති භාවිත කරයි. එසේම මූලික සන්නිවේදන වර්ග යටතේ අප ඉගෙනගත් ජන සන්නිවේදනය යන්න හඳුනාගැනීමට ද ඒ සඳහා ඉදිරිපත් කර ඇති ජනසන්නිවේදන ආකෘති ඉතා වැදගත්ය. ජන සන්නිවේදනය යන්න ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. එය පැහැදිලි කර ගැනීම සඳහා ආකෘති භාවිත කළ හැක. ජන සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත් කර ඇති විවිධ ආකෘති අතරින් HUB ආකෘතිය විශේෂයි. HUB ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ විද්වතුන් තිදෙනෙක් විසින් ය.
• රේ එල්ඩන් හයිබර්ට් ( Ray Eldon Hiebert )
• ඩොනල්ඩ් ආර්. අන්ගුරේට් ( Donald R. Ungurait )
• තෝමස් ඩබ්ලිව්. බෝන් ( Thomas W. Bohn )
මෙම විද්වතුන් තිදෙනා එනම් හයිබර්ට් ( Hiebert ), අන්ගුරේට් ( Ungurait ) , බෝන් ( Bohn ) යන අයගේ නම්වල මුල් අකුරු යොදාගනිමින් මෙම ජන සන්නිවේදන අකෘතිය "HUB ආකෘතිය" නමින් හදුන්වයි. මේ සඳහා මෙම විද්වතුන් තිදෙනා කිසියම් සුවිශේෂී සිද්ධාන්තයක් මූලාශ්‍ර කොට ගෙන ඇත එනම් ජල තටාකයකට දමන ලද ගලක් තුළින් එහි ජල තරංග නිර්මාණය වී ඒවා ක්‍රමයෙන් කුඩාවට ආරම්භ වී ක්‍රමයෙන් විශාල වී ගොස් තටාකයේ කෙළවර වැදී නැවත තරංග ඉස්මතු වූ ස්ථානය වෙත නැවත එන්නාක් මෙන්ය. මෙකී සිද්ධාන්තය තුළින් මෙම විද්වතුන් තිදෙනා ජන සන්නිවේදනය තුළ ඇති සුවිශේෂී ලක්ෂණයක් ඉස්මතු කිරීමට සමත් විය එනම් ජන සන්නිවේදනය ඒක මාර්ගිකව පමණක් නොව දිවි මාර්ගිකවද සිදුවන බවයි. HUB ආකෘතියට අනුව ජන සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වන ප්‍රධාන අංග කිහිපයකි.
• සන්නිවේදකයෝ
• කේත / සංඥා /සංකේත
• දොරටුපාලකයෝ
• ජනමාධ්‍ය
• නියාමනය
• පෙරහනු
• ග්‍රාහක ක්ෂේත්‍රය
• බලපෑම
• ප්‍රතිපෝෂණය
• මාධ්‍ය විකෘතිය හා ඝෝෂාව
• මාධ්‍ය විස්තාරණය
මෙලෙසින් මූලික කරුණු 08 ක් කෙරෙහි අවධානය යොමු කොට තිබේ.
සන්නිවේදකයෝ
මෙහි සන්නිවේදකයෝ යන්නෙන් අදහස් කරන්නේ ජනමාධ්‍ය යොදා ගනිමින් සන්නිවේදන කාර්යයේ නිරත වන අයයි. ආයතන වල මෙන්ම සමාජයේ සමාජයේද සන්නිවේදකයන් දැකිය හැකිය. එහෙත් ඔවුන් හා ජනසන්නිවේදන සන්නිවේදකයන් අතර වෙනස්කම් පවතී එහි මූලික වෙනස වන්නේ වෘත්තීයමය ස්වභාවයයි. සන්නිවේදකයා යනු සරල අර්ථයකින් විග්‍රහ කළ හැකි පදයක් නොවේ. එය පුළුල්ව විග්‍රහ කළ යුතු වචනයක් බව මොවුන්ගේ විවරණයෙහි ඇතුළත්ය.
උදාහරණ ලෙස වාර්තාකරුවන්, නිෂ්පාදකවරුන්,නිවේදකයින් සංස්කාරකවරුන් පුවත්පත් කලාවේදීන් ලේඛකයින්, සම්පත්දායකයින්, දේශපාලනඥයින් , වෘත්තීයවේදීන්, වැනි අය පෙන්වා දිය හැකිය.
• කේත/සංඥා
කේත යනුවෙන් ජන සන්නිවේදනයේ දී හැඳින්වෙන්නේ සන්නිවේදනය සඳහා යොදාගනු ලබන සංකේත පද්ධතියයි. එය සෑම විටම වෙනත් දෙයක් වෙනුවෙන් පෙනී සිටියි. කේත වල ස්වරූපය විවිධාකාර වන අතර යම් වස්තුවක්, පුද්ගල නාමයක්, පින්තූරයක්, රූප සටහනක් , ශබ්දයක්, සංගීතයක් , වර්ණයක් , අකුරු , පින්තූරයක් වැනී ඕනෑම දෙයක් කේතයක් ලෙස සැලකේ. ඒ අනුව ගත් කළ සන්නිවේදනය යනු තේරුම් ගත හැකි සංකේත පද්ධතියක් ලෙසද පෙන්වා දිය හැකිය. සංදේශය ගොඩනැගෙන්නේ සංකේත තුළින් සන්නිවේදකයින්ට අභිමත අයුරින් සංකේත මෙහිදී යොදාගත නොහැක මක්නිසාද යත් මෙය සෙසු සන්නිවේදන වර්ගීකරණයෙන් වෙනස් ග්‍රාහක වගකීම් සහගත සන්නිවේදන ප්‍රභේදයක් වන බැවිණි.
• දොරටුපාලකයෝ
දොරටුපාලකයෝ යනු කුමක් සන්නිවේදනය කරන්නේ ද යන්නත් එය සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණ ගන්නා පුද්ගලයෝය. ජනමාධ්‍ය කින් තොරව ජන සන්නිවේදනයක් සිදු වන්නේ නැත. එහි යථාර්ථය පෙන්නුම් කරන සංකල්පයක් වන්නේ දොරටුපාල ක්‍රියාවලිය යි. එනම් ජනමාධ්‍ය තුළින් තොරතුරු ගලා යාම පාලනය කිරීමයි. මෙය ඉටුකරන්නේ දොරටු පාලකයෝය. දොරටුපාල ක්‍රියාවලිය නිසා මාධ්‍ය සංදේශ වාරණයට ලක් වේ . දොරටු පාලකයන්ට උදාහරණ ලෙස සංස්කාරකවරුන්, නිෂ්පාදකවරුන්, කළමනාකාර වරුන් , මාධ්‍ය ආයතන ප්‍රධානීන්, යන ආදින් පෙන්වා දිය හැක.
• ජනමාධ්‍ය
ජන මාධ්‍යයකින් තොරව ජන සන්නිවේදන ක්‍රියාවලියක් සිදු නොවන අතර ජනමාධ්‍ය යනු සන්දේශයක් යවනු ලබන යාන්ත්‍රික ක්‍රියාවලියක් පමණක්ම නොවේ. ජනමාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ හොඳින් සංවිධානය වූ ආයතන පද්ධතියකි . ජනමාධ්‍ය යනු ජනතාව එයින් බලාපොරොත්තු වන කාර්යයන් ඉටු කිරීමෙහිලා නිර්මාණය වූ සමාජ ආයතනයන්ය. ජනමාධ්‍ය විවිධාකාර වෙයි. එනම් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත, සඟරා, පොත් යනාදියයි. ජනමාධ්‍ය සතු ගුණාංග කිහිපයකි
- අධික වේගයෙන් සන්නිවේදනය කිරීමට හැකි වීම
- විද්‍යුත් උපකරණ භාවිතා කිරීමේ හැකියාව
- විශාල පිරිසකට එකවර පණිවිඩ ලබාදීමේ හැකියා
එබැවින් ජනමාධ්‍ය යනු සංකීර්ණ අර්ථයකින් විග්‍රහ කළ යුත්තකි.
• නියාමකයෝ
ජන සන්නිවේදනය තුළ නියාමනය සාමාන්‍ය සංසිද්ධියකි. සෘජුවම මාධ්‍ය ආයතනයට සම්බන්ධ නොවුන ද මාධ්‍ය කටයුතු පාලනය කළ හැකි පිරිසක් බාහිරව සිටිති. ඔවුන් පනවන රෙගුලාසි හෝ කොන්දේසි හේතුවෙන් මාධ්‍ය සංදේශ පාලනයක් විය හැකිය. නිදසුන් ලෙස උසාවිය , රාජ්‍ය කොමිෂන් සභා, බලපෑම් කණ්ඩායම්, වෘත්තීය සංවිධාන , පාරිභෝගිකයි, ආදිය දැක්විය හැක. මැතිවරණයකදී අවශ්‍ය වුවහොත් රාජ්‍ය මාධ්‍ය සඳහා නිසි බලධාරියෙක් පත් කිරීමට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇත. ලෝකයේ ඇතැම් රටවල ජනමාධ්‍ය නාලිකාවන් මෙන්ම මාධ්‍ය ආයතන සඳහා බලපෑම් කරන දැන්වීම් ආයතන , බහුජාතික සමාගම්, නියාමකයෝ ලෙස කටයුතු කරයි.
• පෙරහනු
ජන සමාජයක විවිධ සමාජ ආයතන පවතී. එසේම පුද්ගල සම්බන්ධතාද විවිධ ය. ඔවුන්ගේ සමාජ මට්ටම ද වෙනස් ය. ආගම, කුලය, රැකියාව, සමාජ පන්ති යනා දී විවිධතා සමාජයක දක්නට ඇත. යම් සංදේශයක් සකස් වීමේදීත් ඒවා ජනතාව අතට පත්වීමේදීත් මේ බාධක අතරින් ගමන් කළ යුතු ය. පැරණි සමාජයේ ජනමත නායකයන් නිසා සංදේශයක් අදාළ ග්‍රාහක පිරිස් වෙතගමන් කිරීමේ දී යම් සකස්වීම්වලට භාජනය විය. එසේ ම වර්තමාන සමාජය තුළ ද එවැනි ලක්ෂණ දක්නට ලැබේ. මාධ්‍ය ආයතනයක් තුළ වුව ද යම් සංදේශයක් අවසානයේ ග්‍රාහකයා අතට පත්වන විට පෙරහනුවලට හසුවනු ඇත. ජන මාධ්‍ය සංදේශ අවබෝධ කරගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ මතක තබා ගැනීමට ග්‍රහකයන් විසින් යොදාගනු ලබන උපක්‍රමය පෙරහනු ලෙස හැඳින්වේ. මෙය ඔවුන් සතු අත්දැකීම් පසුතලය ලෙස ද සැලකේ. මාධ්‍ය සාක්ෂරතාවය ද මෙහි දී යොදා ගත හැකිය. හයිබර්ට්, අන්ගුරේට්, බොන් යන විද්වතුන් විසින් පෙරහනු හැඳින්වීමේ දී භාෂාමය වශයෙන් හෝ සංඥාමය වශයෙන් හෝ ඇති විය හැකි බාධකයන් ද සංදේශයක් තේරුම් ගැනීම සඳහා බලපාන බව පෙන්වා දෙනු ලැබේ. එබැවින් පෙරහනු පිළිබඳ මෙම ආකෘතියේ දී කරන ලද විග්‍රහය වෙනත් සන්නිවේදන විද්‍යාඥයින් විසින් සිය ආකෘතිවල දී විග්‍රහයට භාජනය කොට නැත්
• ග්‍රාහකයෝ
ජන සන්නිවේදන ග්‍රහකයන් පිරිස විෂමජාතීය, සාපේක්ෂව විශාල වූ එකිනෙකා නොහඳුනන, ශාරීරිකව හා භාවාත්මකව ජන සන්නිවේදකයාගෙන් සහ ග්‍රාහක ක්ෂේත්‍රයේ සාමාජිකයාගෙන් වෙන්වූ පිරිසකගේ එකතුවකි.
ජනසන්නිවේදනය ග්‍රාහක සමාජය ඉතා සංකීර්ණ පරාසයක විහිදී සිටියි. වයස, ලිංගිකත්වය, අධ්‍යාපනය, ක්‍රය ශක්තිය, ග්‍රාහක රුචිය, ග්‍රහක මතවාද, ග්‍රහක අපේක්ෂා වැනි සාධක ගත්කල ග්‍රාකයන් විවිධාකාරය. එම නිසා සියලු ග්‍රාහකයන් මාධ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම පහසු නැත.
ජලාශයකට ගලක් විසිකළ පසු ඉතා සුළු ප්‍රමාණයකින් ආරම්භ වන රැලි අවසානයේ විශාල ප්‍රදේශයකට විහිදී යයි. ඒ ආකාරයෙන්ම ජනමාධ්‍ය වලට හසුවන ග්‍රාහක කණ්ඩායම ද පුළුල් වේ. නූතන සමාජයේ අධික ලෙස මාධ්‍ය ග්‍රහණයට හසු වූවකි. එබැවින් එකිනෙකාට ලැබෙන තොරතුරු ප්‍රමාණය ද විශාලය.
• බලපෑම්
පණිවුඩයක් ග්‍රාහකයා වෙත ලැබීමෙන් පසු ඔහු තුළ ඇතිවන ක්‍රියාකාරී වෙනස පණිවුඩයෙන් සිදුවන බලපෑමකි. සෑම සන්නිවේදන ක්‍රියාවලියක දී ම බලාපොරොත්තු වන්නේ කිසියම් බලපෑමක් සිදු කිරීම ය. එය අරමුණු සහිතව හා අරමුණු රහිතව සිදුවිය හැකි ය. එසේ ම සිදු වන බලපෑම යහපත් බලපෑමක් හෝ අයහපත් බලපෑමක් හෝ විය හැකි ය. යම් පණිවුඩයක අග්‍රස්ථානය බවට පත් වන්නේ ද බලපෑමෙනි. සන්නිවේදන ආකෘතිවල දී පණිවුඩයක් ග්‍රාහකයා වෙතට ලැබීමෙන් සිදුවන බලපෑම පිළිබඳ විවිධ අවස්ථාවල දී සන්නිවේදන විද්‍යාඥයින් විසින් විවරණය කොට තිබේ. ජන සන්නිවේදනයේ දී සිදුකරන බලපෑම දෙයාකාර වේ .
• සමාජය කෙරෙහි බලපෑම
• පුද්ගලයා කෙරෙහි බලපෑම
බලපෑම ජන සන්නිවේදන ක්‍රියාවලියේ ඉතා වැදගත් අංගයක් වන අතර එය අතිශය සංකීර්ණ අංගයක්ද වේ.
• ප්‍රතිපෝෂණය
සන්නිවේදකයකු තම ග්‍රාහකයාට යොමු කරන සංදේශයට දක්වන අදහස් මෙන්ම ග්‍රාහකයා යොමු කරන සන්දේශයට සන්නිවේදකයා දක්වන අදහස් ද ප්‍රතිපෝෂණයයි. ග්‍රාහක ප්‍රතිචාරය එසැනින් හෝ ප්‍රමාද වී සන්නිවේදකයාට ලැබෙන අතර එය සන්නිවේදනය අඛණ්ඩතාවයට හේතු වේ. මෙහිදී ප්‍රතිචාර ග්‍රාහක කණ්ඩායම් වලින් හෝ සංඛ්‍යා වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ප්‍රකාශයට පත්වේ.
• මාධ්‍ය විකෘතිය සහ ඝෝෂාව
ජන සන්නිවේදන ක්‍රියාවලියේ දී මාධ්‍ය විකෘතිය හා බාධක තත්ත්වයන් ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබේ. බාධක තත්ත්වයන් ජනමාධ්‍යයන්ගේ විවිධත්වය අනුව විවිධාකාර විය හැකිය. මාධ්‍ය විකෘතිය සහ ඝෝෂාව නිසා සිදුවන්නේ පණිවිඩය නිසි ලෙස ග්‍රාහකගත නොවීමයි නොවීමයි.
• මාධ්‍ය විස්තාරණය
යම් දෙයක් පිළිබඳව මාධ්‍ය වැඩි අවධානයක් යොමු කරයි නම් එය විස්තාරණයෙන් අදහස් කරන දෙයකි. එය පුද්ගලයෙක් හෝ යම් සිද්ධියක් විය හැකිය. ඇතැම් කාලවලදී එවැනි සිදුවීම් මාධ්‍යයට ලැබේ. එය පුද්ගලයකු කෙරෙහි හෝ පොදු ක්‍රියාදාමයක් හෝ දෘෂ්ටි කෝණයක් පිළිබඳව හෝ වැඩි අවධාරිත බලපෑමක් ඇති කරයි. එය මාධ්‍ය විස්තාරණය ලෙස හැඳින්වේ. කොරෝනා වසංගතය සමය , පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූ කාලය , වැනි අවස්ථා මේ සදහා නිදසුන් ලෙස දැක්විය හැකිය.
G.A හිරුෂිකා පියදර්ශනී
(දෙවන වසර විද්‍යාර්ථ)
ජන සන්නිවේදන අධ්‍යනාංශය
කැලණිය විශ්ව විද්‍යාලය
👍
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDelete❤️
ReplyDeleteNice work🥰
ReplyDelete💗👍🏻
ReplyDeleteGood job🩷
ReplyDeleteExcellent ❤️❤️👍
ReplyDeleteNice
ReplyDeleteSuper❤️🥰
ReplyDeleteSuper akka❤️
ReplyDeleteGood 💗
ReplyDelete❤🔥
ReplyDeleteGood luck hiru
ReplyDeleteSuperb❣️
ReplyDeleteAmazing ❣️
ReplyDelete❣️
ReplyDeleteFantastic ❣️
ReplyDeleteNice
ReplyDelete❤️❤️
ReplyDelete